සමාජීය ගුණ වගාව යහපත් මිනිසකු හැදීමේ මගයි

 ඡායාරූපය:

සමාජීය ගුණ වගාව යහපත් මිනිසකු හැදීමේ මගයි

අැමති ගාමිණී ජයවික්‍රම පෙරේරා

සමාජීය ගුණ වගාව මගින් යහපත් මිනිසෙකු බිහිකළ හැකි බවත් ඒ මගින් රටේ ආර්ථිකය යහපත් ලෙස ගොඩනැගිය යුතු බවත් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා (15) බෝපිටිය විහාරස්ථානයේ උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

“රටේ වටිනාම සම්පත තමයි බුද්ධ ශාසනය. අපි එය ආරක්ෂා කරන්න අවශ්‍යයි. උන් වහන්සේලාගේ අවවාද අනුශාසනාවලට අනුගත විය යුතුයි. එසේ නොමැති වූවහෝත් පාලකයෙකුට වුනත් වැඩි කාලයක් ඉන්න බෑ. ඒ නිසා වර්තමාන රජයේ ජනාධිපතිතුමා, අගමැතිතුමාත් සංස්කෘතියට විශාල සේවාවක් කරනවා.

“අපි පසුගිය වර්ෂයේ පමණක් විහාරස්ථාන 4500 ක් දියුණු කළා. සමාජයේ ආර්ථික වර්ධනය විතරක් තිබිලා මදි. සමාජීය ගුණ වගාවත් තියෙන්න ඕනා. ඒ නිසා ගම්පෙරලිය වැනි වැඩපිළිවල් වලින් ගම් වැඩිදියුණු වනවා. පිරිසිදු ගමක පිරිසිදු පවුලක් බිහිවෙන නිසා රට හදන්න පහසුවෙනවා. ග්‍රාම ශක්ති වැඩපිළිවලත් එහෙමයි. සජිත් ඇමතිතුමාගේ ගම්උදාවත් ඒ වගේ වැඩසටහනක්. බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරනවා ග්‍රාමයක මූලික ස්ථානය පන්සල කරන්න. අතීත රජ කාලයේ පංසල තමයි ගමක මූලික තැන. ඒම සංස්කෘතිය විදේශ ආක්‍රමනත් සමග නැති වුණා.

“තිරසර සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ජනතාවගේ තිරසාර මනසක් ගොඩනැගී තිබිය යුතුයි. අතීතයේ බුදුරජාණන් වහනසේගේ තිරසාර මනසක් තිබුණ නිසා ලෝකයට පිහිටක් වුණා. පො‍ෙළාවට ආදරය කරන්න කියලා උන් වහන්සේ දේශනා කළා. උන් වහන්සේගේ මතයෙන් එහාට ගිහින් කර්මාන්ත ඇති කරලා පරිසරය විනාශ වෙමින් පවතිනවා.

“පංසල තුළින් අාධ්‍යාත්මික ගුණදම් වැඩිවෙනවා. අද සමාජය වෙලාගෙන සිටින මත්රකුසාගෙන් සමාජය බේරා ගැනීමට නම් දහමට අනුව ජීවත්විය යුතුයි. අද මගේ අත්දැකීම් අනුව කාන්තාවන් තමයි වැඩිපුරම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ ඒ තරමට අද රට පිරිහිලා. ස්වාමිපුරුෂයා මත්ද්‍රව්‍ය පානය නිසා පවුල් විනාශවෙලා. ඉදිරි පරපුර බේරාගැනීමට නම් අපි පන්සලෙහි සම්බන්ධතාවය තබාගත යුතුයි. ඒ තුළින් හෙට උපදින කුඩා දරුවාගේ මනසද යහපත් කළ හැකියි.

“මිනිසාගේ බලවත්ම අවිය මනස කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දරුවන්ගේ මනස යහපත්ව හැදුවේ නැති නම් සමාජයේ කුඩා දරුවගේ මනසද කිලිටි වෙනවා. ඒ මගින් මිනීමරුවෝ, කුඩු කාරයෝ බිහිවනවා. මේක නෙමේ අපේ බුද්ධ දර්මය කියන්නේ. ඒ දර්මයේ පැරණි ක්‍රමයට රට අනුවර්ත කළ යුතුයි.

“සමහරු ස්වාමීන් වහන්සේලා පන්සල දේශපාලන වේදිකාවක් කරගෙන තියෙනවා. ඉතා කනගාටුයි ඒවා දකිද්දි. අග්‍රාමාත්‍යවරයා එම වැඩ වලට අකමැතියි. පළාත් සභාවලටත් පාර්ලිමේන්තුවටත් ඒම තහනම් කර තිබෙනවා. හුගක් හාමුදුරුවෝ අපෙන් අහනවා ඇයි ඒ කියලා. ස්වාමීන් වහන්සේලා ධර්මය ආරක්ෂා කළ යුතුයි” යැයි අමාත්‍යවරයා පැවසීය.

[අසේල ලියනගේ]

මාතෘකා