කැබිනට් තීරණ

 ඡායාරූපය:

කැබිනට් තීරණ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛත්වයෙන් පෙරේදා (11) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් වැදගත් තීන්දු රාශියක් ගෙන තිබේ.

දිළිඳුකම පිටුදැකීම සඳහා ඇමෙරිකාව විසින් මෙරට ක්‍රියාත්මක කරනු ලබන සහස්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන ආධාරවලින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450-500ක මුදලක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය සඳහා ලබාගැනීමට වූ යෝජනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රජයේ ඉඩම් සඳහා ඉඩම් දීමනා පත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන යටතේ බලපත්‍ර නිකුත් කර ඇති තවත් ඉඩම් 700,000කට සහ ජයභූමි දීමනා පත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම් කොටස් 436,992කට ඉඩම් දීමනා පත්‍ර 2019-2020 කාල සීමාව තුළ ලබා දීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ දුම්රිය පාලක මධ්‍යස්ථානය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානයක් ඉදිකිරීම සඳහා මරදාන ප්‍රදේශයේ අක්කර 01යි රූඩ් 02ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව වෙත වෙන්කරවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘති හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රේඛීය අමාත්‍යංශ වෙත වෙන් කිරීම මඟින් 2019 වර්ෂය සඳහා ජාතික අයවැය පිළියෙල කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර සහ ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

තේ භෝග අපනයනය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 10ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති රජය සතු අක්කර 110ක භූමි භාගයක් නිසි පාරිසරික ඇඟයීමකින් අනතුරුව බලාගාරය සාදා ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම පිණිස විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික උපදේශකත්වය ලබාගැනීම සඳහා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ තායිලන්ත ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ සහ ශ්‍රී ලංකාවේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කිරීම පිණිස අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

වැලිඔය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 256ක් සඳහා නව නිවාස ඉදිකිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අලුතින් සංස්ථාපනය කරන ලද පළාත් පාලන ආයතන 10ක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 540ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරවා ගැනීමට යෝජනාවක් පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

නව මාර්ග පද්ධතියක්, සනීපාරක්ෂක පහසුකම් සහ කඩකාමර 80 -120කින් යුක්තව දෙනියාය සතිපොළ වැඩිදියුණු කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2057.1ක් වෙන් කිරීමට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1223.6ක් ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා