මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක අස්වෙයි | ඇස පාදන රැස


මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක අස්වෙයි

 ඡායාරූපය:

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික සංවිධායක ධූරයේ කටයුතු කළ සෆීක් රජාබ්දීන් එම ධුරයෙන් ඊයේ (24) ඉල්ලා අස් විය.  

එසේ ඉල්ලා අස්වීමට හේතුව වී ඇත්තේ ඔහුගේ ව්‍යාපාර කටයුතු පරිපාලනය කිරීමට සංවිධායක ධුරයේ කටයුතු කිරීම යම් තරමකින් බාධා ගෙන දීමයි.   

එසේම සමාජ ජාල හරහා ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳවද මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ඊයේ ඔහුගෙන් විමසා ඇති බව වාර්තා වේ. එසේ වුවත් ඔහුගේ ඉල්ලා අස්වීමට එය හේතුවක් වී නැති බව වාර්තා වේ.  

ඔහු ඉල්ලා අස් වුවත් නැවතත් ඔහුව පත් කරනු ඇතැයි පක්ෂයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.  

මීට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි එම්. එච්. එම් සල්මාන් මහතාද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.