බරපතල වංචා-දූෂණ විමර්ශනය කරන විශේෂ අධිකරණ සති දෙකකින්

 ඡායාරූපය:

බරපතල වංචා-දූෂණ විමර්ශනය කරන විශේෂ අධිකරණ සති දෙකකින්

බරපතල වංචා දූෂණ කඩිනමින් විභාග කිරීම සඳහා නව අධිකරණ පද්ධතියක් ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ, පසුගිය රජය සමයේ මූල්‍ය වංචා සහ දූෂණ බහුලව සිදු වී ඇති බැවින් ඒවාට අදාළව කඩිනම් නීතිමය පියවර ගැනීමට විශේෂ අධිකරණ පද්ධතියක අවශ්‍යතාව පසුගිය වසර කිහිපයේ තදින්ම දැනුණු බවයි. එම නිසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ බරපතළ වංචා හා දූෂණ කඩිනමින් විමර්ශනය කිරීම සඳහා වූ අධිකරණ පද්ධතියක් ඇති කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

'මේ අධිකරණ පද්ධතියේ පවතින සුවිශේෂීත්වය තමයි නඩුවක් අවසන් වන තුරු එය කල්දැමීමක් සිද්ධ නොවීම. ඒ වගේම තමයි නීතිඥයන්ගේ අවශ්‍යතාව මත නඩු කල්දාන්නත් බැහැ.' යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය

මාතෘකා