ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් මැතිසබේදී අද විශේෂ ප්‍රකාශයක් | ඇස පාදන රැස


ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් මැතිසබේදී අද විශේෂ ප්‍රකාශයක්

 ඡායාරූපය:

ජාතික ආණ්ඩුව ගැන කතානායකගෙන් මැතිසබේදී අද විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති ජාතික ආණ්ඩු ගිවිසුම පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයා වෙත යොමු කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
 අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසුවේ මේ ප්‍රශ්නය පිළිබඳව මීට පෙර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සභානායකවරයාගෙන් විමසුවත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බවයි. මේ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන බවද මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය. ඒ අවස්ථාවේදී පිළිතුරු දෙමින් කතානායකවරයා ඉහත ප්‍රකාශය කළේය.

මාතෘකා