රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියාභිමුඛ උපාධියක් ලබා දෙනවා

 ඡායාරූපය:

රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියාභිමුඛ උපාධියක් ලබා දෙනවා

අමාත්‍ය රවුෆ් හකීම්

රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියාභිමුඛ උපාධියක් ලබා දීම තමන්ගේ අරමුණ බව නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. පසුගියදා (22) උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී ස්වකීය රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අවුරුදු 20දී කිසියම් තරුණයකු විප්ලවවාදියකු වුණේ නැත්නම් ඔහුගේ මොළයේ කිසියම් අඩුවක් තිබෙන බවත් එමෙන්ම අවුරුදු 40දීත් ඔහු එම අදහස් ඉවත් කර ගත්තේ නැත්නම් එයද ඔහුගේ මොළයේ අඩුපාඩුවක් බවත් ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. අප මෙය අවබෝධ කරගෙන සිටිය යුතුයි. ගැටලු විසඳන්නට නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ අප අවබෝධයකින් සිටිය යුතුයි. ලැබී තිබෙන කෙටි කාලය තුළ විශාල යමක් කරන්නට අපට අපහසු වෙයි. ඒත් ඒ කාලය තුළ අපට කළ හැකි උපරිමය රට වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ‘රැකියාභිමුඛ උපාධියක්’ මේ රටේ උගත් තරුණ තරුණියන්ට ලබාදීම අපේ අරමුණයි. එම කටයුත්ත සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ එක්ව කටයුතු කරන්නට අපේක්ෂා කරනවා. එය කෙටි කාලීනව ඉටුකර ගැනීම අපහසු වුවත් විශ්වවිද්‍යාල සිසුන් සමඟ සුහදව ගැටලු නිරාකරණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”

මාතෘකා