අපි මැතිවරණවලට බයද? නෑ. අපි මැතිවරණවලට බය නෑ

 ඡායාරූපය:

අපි මැතිවරණවලට බයද? නෑ. අපි මැතිවරණවලට බය නෑ

පා. ම. පාඨලී චම්පික රණවක

අද මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉවරයි. මේ රටේ ආර්ථික බලය ඉවරයි. මේ රට අද රාජපක්ෂලා ණයකාරයෝ බවට පත් කරලා තියෙනවා මිත්‍රවරුනි. ඒක නිසා මතක තියා ගන්න, අපි අනාගතයේ ශක්තිමත්ව ඉදිරියට එනවා. ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා අපි කිව්වා අපි ගෙනියන්නේ යුක්තියේ සටනක්, අපි කිව්වා අපි ගෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සටනක්, අපි කිව්වා අපි ගෙනියන්නේ නිදහසේ සටනක්, ඒ සටන පරදින්නෑ මිත්‍රවරුනි. අපි ජයග්‍රාහීව ඉදිරියට යනවා කියලා අපි මහින්ද මහත්තයාට කියනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා පවසයි. ඊයේ (04) බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“අපි සිරිසේනට කියනවා, ඔබලාට ගහන්න පුළුවන් ඕනෑම ගේමක් අපිටත් පුළුවන් මහත්තයෝ. එදා කොටිත් එක්ක හිතවත් වෙලා, කථා කර කර කොටියාට දොළපිදේනි දිදී බයවෙලා ඉද්දී අපි තමයි පෙන්නලා දුන්නේ කොටි පරාජය කරන පාර. ඒවගේම මිත්‍රවරුනි, අපි මේ රටේ අනාගතය ගොඩනඟන්න බොහොම හොඳට, වැදගත් විදියට රටේ නිදහස් අධිකරණයක්, නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කළා. අපි මැතිවරණවලට බයද? නෑ. අපි මැතිවරණවලට බය නෑ.

“ඒවගේම පළමුවෙන්ම තියන්න ඕනේ මැතිවරණය වෙන මොකක්වත් නෙවෙයි සිරිසේන මහත්තයෝ, ජනාධිපතිවරණයයි. ඒ මොකද මතකයි නේද තංගල්ලේ හිටපු චාලි? මිනිහා තමන්ගේ පැත්ත මාරු කරලා අනිත් පැත්තට ගිහිල්ලා අනිත් පැත්තේ අයට කොකා පෙන්නුවා. එදා ඉඳන් මිනිහා කොකා චාලි. අපේ හැටදෙලක්ෂයක් ඡන්ද අරන් අපට කොකා චාලි පෙන්නුවේ සිරිසේන මහත්තයායි. ඒ නිසා අපි සිරිසේන මහත්තයාට කියනවා පුළුවන් නම් ලබන ජනවාරි 09 කැඳවන්න ජනාධිපතිවරණය. අපේ අපේක්ෂකයත් ලෑස්තියි, පෙරමුණත් ලෑස්තියි කියලා අපි කියනවා මිත්‍රවරුනි. ඒවගේම නීත්‍යනුකූල ආණ්ඩුවක් යටතේ, සාධාරණ මැතිවරණ කොමිසමක් යටතේ මහා මැතිවරණයට එක පාරක් නෙවෙයි, දහ පාරක් අපි ලෑස්තියි කියන එක අපි මහින්ද මහත්තයාට කියනවා.”

මාතෘකා