දේශපාලනය මහජන සේවයක් යැයි සිතා වැඩ කරන පිරිසක් පත්කර ගනිමු : පා.ම. අනුර දිසානායක

 ඡායාරූපය:

දේශපාලනය මහජන සේවයක් යැයි සිතා වැඩ කරන පිරිසක් පත්කර ගනිමු : පා.ම. අනුර දිසානායක

වංචාවෙන්, නාස්තියෙන් යුත් දූෂිත දේශපාලනඥයන් ගෙදර යවා දේශපාලනය මහජන සේවයක් යැයි සිතා වැඩ කරන පිරිසක් පත්කර ගැනීම ජනතාවගේ වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (19) මහරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ෙමෙස්ද පැවසීය.

"ලංකාවේ මෙතෙක් දේශපාලන වේදිකාවට ගොඩ නොවුණු විද්වතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, ආචාර්යවරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වේදිකාවට ගොඩවෙමින් තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නව දේශපාලන ගමනක්.

ගමේ ඡන්ද දායකයා ඇත්ත දැනගත යුතුයි. නැතිනම් මේ රට වැටී තිබෙන වළෙන් ගොඩගන්න අමාරුයි. විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් ඇති කළ යුතුයි. විධිමත් අධ්‍යාපනය ලැබූ අදාළ විෂයයන් පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ පිරිසක් පත්කළ යුතුයි.

දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කර නොගෙන එය මහජන සේවයක් බවට පත්කළ හැකි පුද්ගලයන් ඉදිරියට ආ යුතුයි. ඔවුන්ට වගකීම් බාරදී දිනපතා බැටකන මහජනතාවට සේවයක් ලබාදිය යුතුයි.

තවදුරටත් පරණ දේශපාලන ගමනේම යෑම රටේ විනාශයයි. ඒ නිසා නව දේශපාලන ගමනක් ආරම්භ කළ යුතුයි. හොරු ඉන්නේ රජ ගෙවල්වල. පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයට ඩොලර් බිලියන 6.5 ක් චීන සමාගම් දුන්නා.

එයාට චීනේ යාලුවො සල්ලි දුන්නට කමක් නෑ. මහින්ද රාජපක්ෂගෙ කාලේ නැව් එන්නැති වරායවල් හැදුනා, ගුවන්යානා නැති ගුවන්තොටුපලක් හැදුවා, නොරොච්චෝලෙ හැමදාම කැඩෙනවා මේ සිද්ධි තුළින් අපිට හොඳටම පැහැදිලියි මේක ජාවාරමක්. මහින්දට සල්ලි දෙනවා චීනෙන්. මහින්ද රටේ සම්පත් චීනෙට දෙනවා. රටේ නායකයා ජාත්‍යන්තර සමාගම් වලින් සල්ලි අරන්.

කන්තලේ සීනි සමාගම ඉන්දියානු සමාගමකට විකිණුවා. පරණ යකඩ අයිති කාටද කියලා ගිවිසුමේ සඳහන් නෑ. යකඩ අයිති කාටද කියන එක මේ අයට ඕන ඕන විදියට වෙනස් කරනවා. වංචාකාරී, නාස්තිකාරී දේශපාලනයක් වෙනුවට කැපවීමෙන් දේශපාලනය කරන පිරිසක් බිහිකර ගත යුතුයි. "

[අසේල ලියනගේ]

මාතෘකා