“ජාතික යොවුන් බක් මහ උළෙල” අගමැති ප්‍රධානත්වයෙන් | ඇස පාදන රැස


“ජාතික යොවුන් බක් මහ උළෙල” අගමැති ප්‍රධානත්වයෙන්

 ඡායාරූපය:

“ජාතික යොවුන් බක් මහ උළෙල” අගමැති ප්‍රධානත්වයෙන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘති කළමණාකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මඟපෙන්වීම මත ජාතික සංහිඳියාවේ සූර්ය මංගල්‍යය “ජාතික යොවුන් බක් මහ උළෙල” පසුගිය 28 වනදා මොරවක කීර්ති අබේවික්‍රම මහ විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ජාතික සංහිඳියාව තේමා කරගනිමින් දිවයිනේ නන්දෙසින් විවිධ ජාතීන් නියෝජනය කරමින් තරුණ තරුණියන් 2000 කට අධික පිරිසක් මෙවර ජාතික යොවුන් බක්මහ උළෙලට එක්වන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ පැවසීය.   
 විවිධ ජාතීන්ට ආවේනික තරග ඉසව් රැසක්ද මෙහි පැවැත්වෙන අතර විවෘත පාපැදි ධාවන තරගය, කාන්තා හා පිරිමි ගම හරහා දිවීමේ තරග, යොවුන් අවුරුදු කුමරිය හා යොවුන් අවුරුදු කුමරා තේරීම, ලිස්සන ගහ නැගීම යන ජන ක්‍රීඩා ඇතුළු තරග ඉසව් 40 ක් මෙවර ජාතික යොවුන් බක්මහ උළෙලට එක්කර ඇත. ගැමි ගෙදරක්ද මෙහි නිර්මාණය කර තිබීම විශේෂත්වක් විය.   
මීට අමතරව ජාතික තරුණ සේවා සභාවේ “Youth Extreme” සංගීත කණ්ඩායම සංගීතවත් කරන දිවයිනේ ජනප්‍රිය ගායක, ගායිකාවන් සහභාගීවන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වුණි. ව්‍යාපෘති කළමණාකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලයනය එක්ව මෙම ජාතික යොවුන් බක්මහ උළෙල සංවිධානය කර ඇත.  

මාතෘකා