ව්‍යාජ පුවත් ගැන කථානායකගේ අවධානය

 ඡායාරූපය:

ව්‍යාජ පුවත් ගැන කථානායකගේ අවධානය

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4,000කට අධික පිරිසක් වඳභාවයට පත් කරන ලැදැයි කියන පුවත සම්බන්ධයෙන් වහාම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන් බව කථානායකවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සිසේරියන් සැත්කම්වලින් පසු අදාළ වෛද්‍යවරයා සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කර ඇති බවට මාධ්‍ය පළ කළ පුවතක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ අවස්ථාවේදී කථානායකවරයා මේ බව සඳහන් කළේය.

මෙම පුවත දුටු වහාම තමන් පොලිස්පතිවරයාගෙන් සහ බුද්ධි අංශ ප්‍රධානියාගෙන් මේ පිළිබදව විමසූ බවත්, එවැනි සිදුවීමක් වාර්තා වී නැතැයි එම නිලධාරීන් පැවසූ බවත් කතානායකවරයා එහිදී පැවසුවේය.

[රසිකා හේමමාලි]

මාතෘකා