ත්‍රිවිධ හමුදාවේ 6,700ක් රට පුරා සීරුෙවන්

 ඡායාරූපය:

ත්‍රිවිධ හමුදාවේ 6,700ක් රට පුරා සීරුෙවන්

පවතින අයහපත් තත්ත්වය හමුවේ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 6,700ක් යොදවා ඇති බව ඊයේ (23) ‘රැස’ කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

යුද හමුදා නිලධාරීන් 5,000ක්, නාවික හමුදා නිලධාරීන් 600ක් සහ ගුවන් හමුදා නිලධාරීන් 1,100ක් දිවයිනේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන ආවරණය වන පරිදි යොදවා ඇත.

එසේම හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඒ සඳහා ක්‍රියා කිරීම සඳහා ජලය රැගෙන යා හැකි බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කර තිබේ. පෙරේදා (22) කොටහේන් ප්‍රදේශයේදී බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේදී එය පුපුරා යෑමත් සමඟ ගින්නක් ඇති වූ අතර එවැනි අවස්ථාවක ක්‍රියා කිරීම සඳහා මෙලෙස හෙලිකොප්ටර්යානයක් යොදා ගැනීමට තීරණය කර තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා