නිශ්ශංක සේනාධිපතිට රට යන්න අවසර

 ඡායාරූපය:

නිශ්ශංක සේනාධිපතිට රට යන්න අවසර

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති  හා රක්‌නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන සැකකරුවන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුණසිංහ මහතා  විසින් තාවකාලිකව ඉවත් කෙරිණි.
ලබන මාර්තු මස 19 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම විදේශ ගමන් තහනම ඉවත් කර ඇත.
පාලිත ප්‍රනාන්දු මහතාට මලල ක්‍රීඩා සංගමයේ කටයුතුවලට සහභාගි වීමටද,  නිශ්ශංක සේනාධිපති  මහතාට ප්‍රතිකාර ලබා ගැනීමටද  විදේශගත වීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.n

මාතෘකා