'රැස' නියමු චාමරගේ අවසන් කටයුතු බදාදා

 ඡායාරූපය:

'රැස' නියමු චාමරගේ අවසන් කටයුතු බදාදා

'රැස' දිනපතා පුවත්පතේ ආරම්භක කර්තෘ සහ 'සිළුමිණ' සතිඅන්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර සහෘදයාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු බදාදා (4) සවස 5ට මතුගම, ඉඳිගොඩතැන්න පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් දැනුම් දෙයි.

ඔහුගේ දේහය මේ වන විට නො. 05, ලක්රුවන්, ඇතුලත්මුදලිගම, මතුගම යන ලිපිනයෙහි පිහිටි සිය නිවසේ තැන්පත් කොට තිබෙන අතර බදාදා සවස 2ට පාංශුකූලය ඇතුළු ආගමික වතාවත් පැවැත්වීමට නියමිතය.

දේහය පිළිබඳ ආගමික වතාවත්වලින් අනතුරුව සවස 4ට දේහය අවමගුල් පෙරහැරකින් ඉඳිගොඩවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතය.

අවමඟුල් උත්සවය පිළිබඳ වැඩි විස්තර 0774249102 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

මාතෘකා