නත්තල් කේක් හදමු

 ඡායාරූපය:

නත්තල් කේක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 225

මිශ්‍ර කුළු බඩු තේ හැඳි 1/2

කුරුඳු කුඩු ස්වල්පයක්

බටර් ග්‍රෑම් 200

දුඹුරු සීනි ග්‍රෑම් 200

පැණි මේස හැඳි 2

දොඩම් රසැති ජෑම් මේස හැඳි 1

වැනිලා රසකාරක තේ හැඳි 1/4

මඳක් ගසාගත් බිත්තර 4

වියළි පලතුරු ග්‍රෑම් 800

මික්ස් පිල් ග්‍රෑම් 100

වියළි චෙරි ග්‍රෑම් 150

කුඩාවට කපාගත්

ආමන්ඩ් ග්‍රෑම් 100

බ්‍රැන්ඩි මේස හැඳි 3-4

රෝයල් අයිසින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මද 3

අයිසින් සීනි ග්‍රෑම් 600

දෙහි යුෂ මේස හැඳි 1

සරසා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

මාසිෆන් ග්‍රෑම් 200

ඇප්‍රිකට් මේස හැඳි 1-2

සාදන ක්‍රමය

හලාගත් පිටි, මිශ්‍ර කුළුබඩු හා කුරුඳු කුඩු බෝල් එකකට දමාගන්න. වෙනත් බඳුනකට ක‍්‍රීම් කරගත් බටර්, සීනි, පැණි, මාමලේඩ් සහ වැනිලා රසකාරක දමා කලවම් කරන්න. බිත්තර ටිකෙන් ටික එම මිශ්‍රණයට දමමින් අනාගන්න. අවසානයේ පිටි හැන්දක් එක්කරමින් කලවම් කරගන්න. මෙම මිශ්‍රණය හොඳින් අනාගෙන එයට වියළි පලතුරු, මික්ස් පිල්, චෙරිස් හා අාමන්ඩ් එකතුකර අනාගන්න. කේක් අච්චුවක් ගෙන එහි ඇතුළත තෙල් කඩදාසියකින් ආවරණය කරගන්න. පසුව ඉහත මිශ්‍රණය එහි මැදට දමා මැදින් කුඩා සිදුරක් සාදාගන්න. සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයට රත්කරගත් උදුනක පැය 3ක් පමණ පුලුස්සාගන්න. පිලිස්සී නැත්නම් තවත් පැයක කාලයක් විනාඩි 20කට වරක් පරීක්ෂා කරමින් පුලුස්සාගන්න. දැන් එය උදුනෙන් ඉවත්කරගෙන විනාඩි 15ක් පමණ නිවෙන්නට තබා ඒ මත සිදුරු කිහිපයක් සාදාගන්න. ඉන්පසු කේක් එක මතට බ්‍රැන්ඩි ඉසගන්න. කේක් ගෙඩියට වාතාශ්‍රය ඇතුළත් නොවන පරිදි ෆොයිල් කොළයකින් වසා තබන්න. (සිදුරු උඩ අතට සිටින පරිදි) ඉන්පසු රෝයල් අයිසින්වලින් සරසා පිළිගන්වන්න.

රෝයල් අයිසින් සාදන ආකාරය

බෝල් එකකට බිත්තර සුදුමද දමා හොඳින් ගසාගෙන එයටම අයිසින් සීනි දමා නැවතත් ගසාගන්න. අවසානයේදී දෙහි යුෂ එක්කර කලවම් කරගන්න.

කේක් එක සරසාගන්නා ආකාරය

අයිසින් සීනි මඳක් අත් දෙකෙහි තවරාගෙන මාසිෆන් හොඳින් අනාගන්න. එය මෘදු වූ පසු කොටසක් කපා කේක් එක වටේ තබා ඇප්‍රිකට් ගාගන්න. ඉතිරි කොටසෙන් කේක් එක උඩකොටස වසාගන්න.

[ශ්‍යාමලි නිශාන්ති]

මාතෘකා