ජිම්නාස්ටික් ඇනා ශ්‍රී ලංකාවේ

 ඡායාරූපය:

ජිම්නාස්ටික් ඇනා ශ්‍රී ලංකාවේ

ස්විස්ටර්ලන්තයේ පැවති පළමු ජාත්‍යන්තර රිද්මයානුකූල ජිම්නාස්ටික් තරගාවලියේ රන් පදක්කම දිනූ ඇනා ඔන්ඩාට්ජ් ඊයේ (27) දිවයිනට ළඟා විය. රාත්‍රී 9.55 ට EK 648 ගුවන් යානයෙන් ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය. ජාත්‍යන්තර ජිම්නාස්ටික් තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගත් ප්‍රථම ක්‍රීඩිකාව සේ සැලකෙන්නේ ඇනාය. ඇය කැනඩාවේ ටොරොන්ටෝහි වාසය කරන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග නියෝජනය කරයි.

ඈ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ලේකම්වරයා මුණගැසීමටත්, ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා හමුවී සාකච්ඡා කිරීමටත් ඇනා ඔන්ඩාට්ජ් කටයුතු කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තාවෙයි.

News Order: 
5
මාතෘකා