චමරි අතපත්තු ගේ සහායට නව උපනායිකාවක්

 ඡායාරූපය:

චමරි අතපත්තු ගේ සහායට නව උපනායිකාවක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට පවරා තිබේ. එම කණ්ඩායමේ උප නායකත්වය යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවීට ලබාදී ඇති අතර නම් කර ඇති 15 දෙනාගේ කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක්ද නම්කර ඇත. නම්කර ඇති කණ්ඩායම මෙසේයි.

චමරි අතපත්තු (නායිකා), හෂිතා මාධවී (උපනායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, කවිෂා දිල්හාරි, උදේශිකා ප්‍ර බෝධනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමාෂනී, සුගන්ධිකා කුමාරි, දිලිනි මන්දෝරා. අතිරේක ක්‍රීඩිකාවන් -සචිනි නිසංසලා, ප්‍රසාදනී වීරක්කොඩි, ඕෂධී රණසිංහ, තාරිකා සෙව්වන්දි, ඉනෝකා රණවීර.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
3
මාතෘකා