කෝබි බ්‍රයන්ට් සහ දියණිය ගුවන් අනතුරකින් මරුට

 ඡායාරූපය:

කෝබි බ්‍රයන්ට් සහ දියණිය ගුවන් අනතුරකින් මරුට

ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ හිටපු පැසිපන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කාලිෆ් ප්‍රදේශයේ කැලබාසස් හි සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ එය ඉරිදා දිනයේ සිදුවූ ගුවන් අනතුරක් බවයි. කෙසේ නමුත් අදාළ අනතුරින් කෝබි සහ 13 හැවිරිදි ඔහුගේ දියණියද මරුමුවට පත්වූ බව විදෙස් වාර්තා තහවුරු කර තිබේ.

අනතුරට ලක්වන අවස්ථාව වනවිට එම හෙලිකොප්ටරයේ පුද්ගලයන් නව දෙනෙක් ගමන් ගනිමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා එකී අනතුරින් මියගොස් ඇතැයි සඳහන්ය. දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් මෙම යානය අනතුරට ලක්වුණේද එසේ නැතහොත් කාර්මික දෝෂයක් ඊට බලපෑවේද යන්න මෙතෙක් අනාවරණයවී නැතැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ මගීන් කීදෙනෙක් රැගෙන යාමට අවසර තිබුණේද යන්න පිළිබඳ දැනට කිසිවක් නිවේදනය කළ නොහැකි බව එරට ගුවන් ගමන් අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

මෙම අනතුරට ලක්වූවන් අතර බේස්බෝල් පුහුණුකරුවකු වන ජෝන් ඇල්ටෝබෙලි හා ඔහුගේ බිරිය හා දියණියද වන බව සඳහන්ය. මේ අතර ලෝකය පුරා වයිරසයක් ලෙසින් ව්‍යාප්ත වෙමින් ඇති ට්විටර් සටහනකින් දැක්වුණේ කෝබි හෙලිකොප්ටර් අනතුරකින් මිය යන බවට කර ඇති අනාවැකියක් සම්බන්ධවයි.

අදාළ සටහන 2012 වසරේ නොවැම්බර් 14 වැනිදා තබා ඇත්තේ .නෝස් නමැති පුද්ගලයකු විසිනි. එහෙත් එය ඔහු විසින් සිදුකළේ කෙසේ ලියා තැබුවේද යන්න ගැන සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය කෝබි ඇමරිකානු ඉතිහාසයේ පහළවූ විශිෂ්ට පැසිපන්දු ක්‍රීඩකයෙක් සේ සැලකෙන අතර පස් වරක් එන්.බී.ඒ. ශූරතාව දිනාගත් ක්‍රීඩකයෙකි.

News Order: 
2
මාතෘකා