ඇන්ජිගේ නැඟිටීමත් සමඟ නායකත්වය ගැන යළි කතාබහක්

 ඡායාරූපය:

ඇන්ජිගේ නැඟිටීමත් සමඟ නායකත්වය ගැන යළි කතාබහක්

පසුගියදා සිම්බාබ්වේ සමඟ නිමාව දුටු ප්‍රථම ටෙස්ට් තරගයේදී නොදැවී ද්විත්ව ශතකයක් රැස්කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වීම පිටුපස ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අතිශය සැලකිලිමත්වීම හේතුවී ඇතැයි වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන ඇත්තේ සංචාරය අතරතුරේදීද ඔහු තම ශාරීරික ව්‍යායාම් සඳහා වෙහෙස මහන්සිවී සහභාගිවන බවයි. පෝෂණ වේදී උපදෙස් මත ලබාදුන් ආහාර පාලනයද දැඩිව ක්‍රියාවට නංවන්නට ඇන්ජලෝ කටයුතුකරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ඒ අනුව මේ වනවිට කිලෝ හයත්, හතත් අතර ප්‍රමාණයකින් බර අඩු කරගැනීමට ඇන්ජලෝ සමත්ව තිබේ. ‘මේ විධිහට ඔහු කටයුතු කරන්නේ ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්ස තරග අංශ ත්‍රිත්වයටම ක්‍රීඩා කරන්නයි. අපි දන්නේ නෑ ඒක පිටුපස විස්සයි විස්ස හා එක්දින කණ්ඩායමට නායකත්වය දක්වන්න ඔහු තුළ අපේක්ෂාවක් පවතිනවාද කියා?’ යැයි ඒ සම්බන්ධයෙන් මත දක්වන්නෝ පවසා ඇත.

පසුගිය කාලයේ කඩුලු අතර දිවීමේ දී දුර්වලතා ප්‍රදර්ශනය කළ බවට මැතිව්ස්ට චෝදනා එල්ලවිණි. හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශ කර තිබුණේ ගෙවුණු වසර දෙක තුළ දුවද්දී දැවී යාම් 64කට මැතිව්ස් සම්බන්ධ බවයි. ඉන් අවස්ථා 45කදී ඔහුගේ සහායකයා දුවද්දී දැවීයාමට ලක්ව තිබිණි.

News Order: 
1
මාතෘකා