කොරොනා නිසා හොංකොං ආරාධිත දැල්පන්දු තරගාවලියත් අවිනිශ්චිතයි

 ඡායාරූපය:

කොරොනා නිසා හොංකොං ආරාධිත දැල්පන්දු තරගාවලියත් අවිනිශ්චිතයි

චීනය කේන්ද්‍ර කරගනිමින් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරොනා වෛරසය හේතුවෙන් හොංකොං සිව් රාජ්‍ය දැල්පන්දු තරගාවලිය කල්දමන්නට ඉල්ලා සිටින බව දැල්පන්දු සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පවසයි. ජාතික ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව මෙන්ම රටේ ආරක්ෂාව ප්‍රමුඛවන හෙයින් මෙම වයිරසයේ ව්‍යාප්තිය ගැන සැලකිලිමත්ව කටයුතු කරන බව ඈ ප්‍රකාශ කළාය.

මේ වනවිට හොංකොං රාජ්‍ය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර සංචරණ සීමාවන්ද පනවා තිබේ. එරට නායිකා කැරී ලෑම් හොංකොංහි පාසල් සති දෙකක කාලයකට වසා දමා ඇත. තායිලන්තය, කෙන්යාව, ශ්‍රී ලංකාව හා හොංකොං සත්කාරක රාජ්‍ය සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 20 වැනිදාය. මේ අතර චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලි අප්‍රේල් දක්වා කල්දමා තිබේ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
1
මාතෘකා