එංගලන්තයෙන් ටෙස්ට් ලකුණු ලක්ෂ පහක්

එංගලන්තයෙන් ටෙස්ට් ලකුණු ලක්ෂ පහක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු ලක්ෂ පහක් වාර්තා කළ පළමු කණ්ඩායම බවට පත්වීමට එංගලන්තය පසුගියදා සමත්විය. දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී මෙම අසිරිමත් කඩඉම පසුකර යාමට ඔවුනට හැකිවිණි. වත්මන් ක්‍රිකට් නායකයා වන ජෝ රූට්ගේ පිත්තෙන් පන් ලක්ෂයේ ටෙස්ට් ලකුණු සනිටුහන් වූයේය. ඒ සඳහා එංගලන්තය ටෙස්ට් තරග 1022කට ක්‍රීඩාකර තිබේ. ඔවුන්ට පිටුපසින් ස්ථානගතව ඇති ඔස්ට්‍රේලියාව ටෙස්ට් ලකුණු 432706ක් ලබාගෙන ඇත්තේ තරග 830කට ක්‍රීඩා කරමිනි. එහි තෙවැනි ස්ථාන ඉන්දියාවට හිමිවී තිබේ. එය ටෙස්ට් තරග 540කදී ලකුණු 273518ක් ලබාගනිමිනි.

News Order: 
4
මාතෘකා