ඉන්දියාව හයේ පහරකින් ජය සමරයි

 ඡායාරූපය:

ඉන්දියාව හයේ පහරකින් ජය සමරයි

ෂිවම් ඩුබේ මුහුණ දුන් සිව්වැනි පන්දුවට පසු පාදයේ ක්‍රීඩා කරමින් ලෝන්ග් ඔන් කලාපය ඔස්සේ එල්ල කළ දැවැන්ත හයේ පහර හේතුවෙන් නවසීලන්තය සමඟ පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.

ඒ අනුව තරග පහකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මුල් තරග දෙකම ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ඊයේ තරගය ඔක්ලන්ඩ්හි පැවැත්විණි. නවසීලන්ත පිතිකරුවන් ලබාදුන් ලකුණු 133ක ඉලක්කයක් පහසුවෙන් හඹා ගිය ඉන්දියාව එය සම්පූර්ණ කළෙ පන්දුවාර 17.3 කදීය.

ලෝක්ෂ් රාහුල් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 57ක් රැස්කළේය. ඔහු ඉන්දියාව වෙනුවෙන් අවසන් වරට මුහුණ දුන් විස්සයි විස්ස තරග පහේදී එක් තරගයක හැර සෙසු සියලු තරගවලදී අර්ධ ශතක රැස්කර තිබීම විශේෂිතය. ඒ 91, 45, 54, 56, නොදැවී 53 ක් වශයෙනි.

රෝහිත් ෂර්මා හා විරාට් කෝලි අඩු ලකුණු ගණනකට දවාගැනීමට නවසීලන්ත පන්දුයවන්නෝ සමත් වූහ. එහෙත් ලෝකේෂ් රාහුල් හා ශ්‍රියාස් අයියර් නවසීලන්ත පන්දුයවන්නන් ගේ එඩිය බිඳදමමින් ප්‍රහාරත්මක සිය ජයග්‍රහණය සම්පූර්ණ කළහ. දැනට පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලියට අමතරව දෙරට අතර එක්දින තරග තුනක් ටෙස්ට් තරග 2කින් සමන්විත වෙයි.

ලකුණු සාරාංශය

නවසීන්තය 132/5 (මාටින් ගප්ටිල් 33, ටිම් සෙයිෆට් (නොදැවී) 33, කොලින් මුන්රෝ 26, රවීන්ද්‍ර ජඩේජා 2/18, ෂිවම් ඩුබේ 1/16, ජස්ප්‍රිට් බුම්රා 1/21, ෂර්දුල් ඨාකූර් 1/21)

ඉන්දියාව 135/3 (පන්දුවාර 17.3කදී) ( ලෝකේෂ් රාහුල් (නොදැවී) 57, ශ්‍රියාස් අයියර් 44, ටිම් සවුතී 2/20, ඉෂ් සෝදි 1/33)

News Order: 
5
මාතෘකා