මොර්ටාසාගේ කාලය අවසන්?

 ඡායාරූපය:

මොර්ටාසාගේ කාලය අවසන්?

කොන්ත්‍රාත්තුවත් ගැලවෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මෂ්රෆි මොර්ටාසා හා එරට ක්‍රිකට් ආයතනය අතර පවත්වාගෙන යන මධ්‍යම කොන්ත්‍රාත්ව අවසන් කරන බව එරට ක්‍රිකට් ආයතනය පවසයි. පසුගිය කාලයේ දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වීමත් සමඟ ඔහු හා වන කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට තීරණය කළ බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ප්‍රකාශ කර ඇත.

තිස්හය හැවිරිදි මොර්ටාසා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවිටකත් කලබල නොවන බවය. ‘මම දක්ෂතා අතර නෑ. තරග අටකදී එක් කඩුල්ලක් පමණක් දවාගෙන කණ්ඩායමේ ස්ථානයක් සොයන්න මට නොහැකියි. තේරීම් කමිටුව තීරණය නොකළොත් මට කණ්ඩායමේ ස්ථානය අහිමිවේවි.’ යනුවෙනි.

‘අවස්ථාවක් ලැබුණොත් හැකි උපරිමය කරනවා. නමුත් එය දෙන්න කියලා ඉල්ලන්න හැකියාවක් නෑ. ’ දේශපාලනඥයෙක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මෝර්ටාසා තවදුරටත් ප්‍රකාශ කර ඇත. ඔහු පාලක අවාමි ලීගය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග වැදුණේය.

News Order: 
5
මාතෘකා