ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පිල තර්ජනීගේ තර්ජනයත් රැගෙන හොංකොං යන්න සූදානමින්

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු පිල තර්ජනීගේ තර්ජනයත් රැගෙන හොංකොං යන්න සූදානමින්

ලබන මාසයේ 20 වැනිදා සිට 27 වැනිදා දක්වා රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර හොංකොං දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගි කරන බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවසූවාය. එම තරගාවලිය හොංකොං හි කව්ලූන් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ආසියානු දැල්පන්දු ශූරතාව සඳහා පෙරහුරු තරගාවලියක් ලෙසින් සැලකිය හැකි මෙම තරගාවලිය වෙනුවෙන් පූර්ණ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙයි. ඒ අනුව එම තරගාවලියේදී උපරිම දක්ෂතා අතරට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටින තම කණ්ඩායමට උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන තර්ජනී සිවලිංගම් නිසැකවම ක්‍රීඩා කරන බව සම්මේලනය පවසයි. පසුගියදා ශ්‍රී ලංකා ජාතික සංචිතය විසි දෙනෙක් දක්වා පහත දැමීම සිදුකළ අතර ඔවුන්ගෙන් තෝරාගන්නා ජාතික කණ්ඩායම මෙම තරගාවලිය වෙනුවෙන් හොංකොං බලා පිටත්ව යාමට නියමිතය. බෘෘනායි ඒ කණ්ඩායම, හොංකොං, කෙන්යාව සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට තරග වදින අතර තරගාවලිය දින හතක් පුරා පැවැත් වෙයි. මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ආසියානු දැල්පන්දු සම්මේලනය විසිනි.

2019 වසරේ පැවැති මෙම තරගාවලිය සඳහා මැලේසියාව, ගිබ්රේල්ටා, තායිලන්තය සමඟ සත්කාරක හොංකොං රාජ්‍යය තරග වැදිණි. එවර එහි ශූරතාව මැලේසියාව සතුවිණි. අනුශූරතාව හිමිවුණේ හොංකොං කණ්ඩායමටයි. තෙවැනි ස්ථානය ගිබ්රල්ටාර් රාජ්‍යයට හිමිවිය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
4
මාතෘකා