සාග් ජයග්‍රාහකයන්ට මූල්‍ය ත්‍යාග ප්‍රදානය අද

 ඡායාරූපය:

සාග් ජයග්‍රාහකයන්ට මූල්‍ය ත්‍යාග ප්‍රදානය අද

සම්මාන ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ රන්පදක්කම් 40 ක්, රිදී පදක්කකම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමඟින් සමස්ත පදක්කම් 251 ක් ලබා ගත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අගයනු වස් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මූල්‍ය ත්‍යාග පිරිනැමීම අද (14) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. ඒ පස්වරු 5.30ට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදීය.

මීට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අධික කාර්ය බහුලත්වය හේතුවෙන් ඒ සඳහා ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය පවත්වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය සතියේ නිවේදනය කළේය.

සාග් රන් පදක්කම් හිමිකරගත් ක්‍රීඩකයෙකුට එම පදක්කම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ප්‍රදානය කරන අතර රිදී පදක්කමක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පිරිනැමෙන මුදල රුපියල් ලක්ෂ තුනකි. ලෝකඩ පදක්කමක් සඳහා ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මේ අනුව 13 වැනි සාග් ක්‍රීඩා උලෙළේ ජයග්‍රාහකයන් වෙනුවෙන් වැයකිරීමට අපේක්ෂිත මුදල් රුපියල් කෝටි හය හමාරකට ආසන්නය. ඉන් වැඩිම මුදලක් හිමි කරගනු ඇත්තේ පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ විසිනි. ඔහු රන් පදක්කම් හතක් ජයගැනීම ඊට හේතුවයි. එය සංඛ්‍යාත්මකව රුපියල් ලක්ෂ 35 ඉක්මවනු ඇත. මලල ක්‍රීඩක කණ්ඩායම අතරින් වැඩිම මුදලක් දිනාගෙන ඇත්තේ දිල්ෂි කුමරසිංහ විසිනි. ඇයට රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ප්‍රදානය කරනු ඇත. ජයග්‍රාහී ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට අමතරව ඔවුන් ගොඩනැංවීමට අවශ්‍ය තාක්ෂණික දැනුම නොපිරිහෙලා පිරිනැමූ පුහුණුකරුවන් ද මූල්‍යම වශයෙන් අගය කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එ් වෙනුවෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි තුන හමාරක් වැය කරන අතර ක්‍රීඩා සංවර්ධන අරමුදල මගින් සියලු මුදල් ප්‍රතිපාදන සපයාදී තිබේ.

මුදල් ත්‍යාග හිමිවන රන් පදක්කම් ලාභීන් හා ඔවුන්ගේ ඉසව් මෙසේයි.

මලල ක්‍රීඩා

එස්.අරුණ දර්ශන (මී.400,400 සහය), ඉඳුනිල් හේරත් (මී.800),

හිමාෂ ඒෂාන්, විනෝජ් සුරංජය,

ඒ.එම්.එල්.පී. ගුණරත්න,

ආර්.එම්.ආර්.එන්. රාජකරුණා,

ටී.එම්.ඩබ්.එස්.ඩී. ගුණරත්න,

යුපුන් අබේකෝන්,

චානුක සන්දීප ධර්මකීර්ති (100 සහය), ඩබ්.වී.එල්. සුගන්ධි (මී.100 සහය හා මී.100 කඩුලු),

ජී.කේ.ජී.ඩී.එම්.එස්. කුමාරසිංහ (මී.400, මී.800, මී.400 සහය),

යූ.කේ.එන්. රත්නායක (මී.5000,1500), හිරුණි විජයරත්න(මැරතන්),

හශිනි ප්‍රබෝධා බාලසූරිය (තුම්පිම්ම), එස්.එස්. සාරංගි සිල්වා (දුරපැනීම, මී.100 සහය),

එච්.එන්.ඩී. ලේකම්ගේ (හෙල්ල),

ඩී.ටී. අමාශා ද සිල්වා,

සදීපා හෙන්ඩර්සන් (මී.100 සහය),

ඊ.කේ. මධුශානි,

ගයන්තිකා අබේරතන්,

ඔමායා උදයංගනී (මී.400 සහය),

බැඩ්මින්ටන්

තිළිණ හෙන්දහේවා, කවිඳි ඉෂාදිකා

යුගල කාන්තා),

බීච් වොලිබෝල්

එම්.එස්.අසංක ප්‍රදීප් කුමාර,

ජේ.එල්. අශේන් රෂ්මික,

කේජී.සී. මධුශානි වීරසිංහ,

එම්.ජී. දීපිකා බණ්ඩාර,

බොක්සිං

බඩ්ලිව්.ඒ.ආර්. සඳකැළුම්

ගොල්ෆ්

ග්‍රේස් යටවර ( ඒකල හා කණ්ඩායම්), තුෂානි සෙල්වරත්නම්,

ටානියා මිනෙල් බාලසූරිය ( කණ්ඩායම්),

ජුඩෝ

ආර්.සී.එන්. ධර්මවර්ධන,

පිහිනුම්

මැතිව් අබේසිංහ (මී.50 මී.100, මී.200 නිදහස් ආර, මී.50, මී.100(සමනළ ආර), මී.200 (කේවල මිශ්‍ර ආර), මීටර්100 (සහය),

කාවින්ද්‍ර නුගවෙල,

අකලංක පීරිස්,

ස්ටෙෆාන් පෙරේරා (මී.100 නිදහස් ආර),

ටයිකොන්ඩෝ

එල්.සී.එස්. ලියනගේ(කි.ග්‍රෑ 63) ,

එම්.පී.ආර්.ඩී. ප්‍රභාත්,

එන්.අයි.එස්. මෙන්ඩිස්,

ජේ.ඒ. නිශ්ශංක,

අයි. ලක්ෂ්මන්,

අයි.ඩබ්ලකේ. වීරසිංහ,

තුන් ප්‍රයාම

ඩබ්.පී.ඊ.ආර්. දුලක්ෂි (කේවල ද්විත්ව),

බර ඉසිලීම

වයි.ඩී.අයි. කුමාර (කි.ග්‍රෑ.55),

එච්.ඩබ්.ටී.එන්.බී.ජේ. හපුතැන්න ( කි.ග්‍රෑ 87ට වැඩි),

මල්ලවපොර

ඩබ්.එම්.ඩී.ඩී. වීරභාහුු(කි.ග්‍රෑ. 65),

ජී.ජී. අයෝමි සෙනෙවිරත්න (කි.ග්‍රෑම් 72),

වූෂු

ඕ.ඩී.ටී.එන්. අනුරාධා,

එම්.එල්.ඩී.ටී.එස්. ගුණසේකර

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
3
මාතෘකා