ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පාකිස්තානයට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පාකිස්තානයට

එක්දින තරග තුනකට සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනකට සහභාගිවීම සඳහා පාකිස්තානය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (24) දිවයිනෙන් පිටත්ව යයි. හෙට උදාසන හතට සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතුව කණ්ඩායම සංචාරයට පිටත්ව යන අතර එක්දින කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දසුන් ශානක විසිනි. පුහුණු කටයුතු වලදී සිරුරේ පසු කොටසේ ආබාධයකට ලක්ව සිටි ළහිරු තිරිවාන්නගේ තත්ත්වය පූර්ණ වශයෙන් සුව අතට හැරී ඇති අතර සංචාරයේ පළමු තරගයට කණ්ඩායම ක්‍රීඩාකිරීමට නියමිතව ඇත්තේ පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේදීය.

27 ආරම්භවන එක්දින තරගාවලියේ සෙසු තරග 29, ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වෙන අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 5,7 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිතය.

මාතෘකා