රට වෙනුවට මුදලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න

 ඡායාරූපය:

රට වෙනුවට මුදලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න

 

ජාවෙඩ් මියැන්ඩාඩ් යෝජනා කරයි

 

රටට ක්‍රීඩා කිරීම පළමු වගකීම වන බවත් ජාතික කණ්ඩායමේ රාජකාරි පැහැර හැර මුදල් වෙනුවෙන් ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වන්නට ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් උත්සහ කිරීමට එරෙහිව දඬුවම් නියම කළ යුතු බවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු සහ නායකයකු වූ ජාවෙඩ් මියන්ඩාඩ් පවසයි.

ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු පවසා ඇත්තේ ප්‍රධානම ක්‍රීඩකයන් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම තමන්ගේ ගැටලුවක් නොවන බවය. ‘ඔවුන් කණ්ඩායමක් වශයෙන් පකිස්තානයට ඒවි. ඇවිත් ක්‍රීඩා කරාවි. හොඳම කණ්ඩායම එනවද නැද්ද කියන එක සත්කාරකයන් වශයෙන් අපිට ප්‍රශ්නයක් නොවෙයි. අපේ ක්‍රීඩකයන් කළ යුත්තේ තමන්ගේ සාමාන්‍යය වැඩි කරගන්න උපරිම දක්ෂතා දක්වමින් ක්‍රීඩා කරන එකයි. මම යොවුන් ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන්නේ සීයක් ගැහුවම ඒක දෙසීයක් දක්වා වර්ධනය කරගන්න උත්සාහ ගන්නා ලෙසයි. මානසිකත්වය ශක්තිමත් කරගැනීම වැදගත්.’ ඔහු තවදුරටත් පවසා ඇත.

මාතෘකා

ජනප්‍රිය ලිපි