පාකිස්තාන සංචාරයට කැමති ක්‍රීඩකයන්ගෙන් තේරූ කණ්ඩායම ඇමැති අනුමැතියට

 ඡායාරූපය:

පාකිස්තාන සංචාරයට කැමති ක්‍රීඩකයන්ගෙන් තේරූ කණ්ඩායම ඇමැති අනුමැතියට

ශ්‍රී ලංකා ‘ඒ’ පිලත් නම් කෙරේ

ලබන මාසයේ පාකිස්තානයේ පැවැත්වෙන එක්දින තරග තුනකට සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුන වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ. අදාළ ක්‍රීඩක සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන මෙලෙස ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකර ඇත.

පාකිස්තාන තරග සංචාරයක නියැලීමට කැමැත්ත දක්වන ක්‍රීඩකයන් සහ අකමැත්ත දක්වන ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ දිනයෙදීත් කටයුතු කළ අතර ඉන් අනතුරුව අවසන් තේරීම් සිදුකරනු ලැබිණි.

තරගාවලිය සැප්තැම්බර් 27 වැනිදා කරච්චිහි පැවැත්වෙන එක්දින තරගයත් සමඟින් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියකට සහභාගිවීමට කැමැත්ත දක්වා ඇති හෙයින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය තරග කාලසටහන මේ වනවිට නිවේදනය කර ඇත්තේ මේ ආකාරයෙනි.

සැප්තැම්බර් 27 - පළමු එක්දින තරගය

සැප්තැම්බර් 29- දෙවැනි එක්දින තරගය

ඔක්තෝබර් 03 - තෙවැනි එක්දින තරගය

ඔක්තෝබර් 05 - පළමු පන්දුවාර විස්සයි 20 තරගය

ඔක්තෝබර් 07 - දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය

ඔක්තෝබර් 09 - තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා