අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලිය

අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලිය

සෙබස්තියන්, ඩී. එස්. සහ මහානාම අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය වසරේ අනු ශූර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය යන කණ්ඩායම් සමත්වූහ.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල් පිටියේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය කොළඹ නාලන්දා විද්‍යාලය කඩුලු 9කින් පැරදවූ අතර, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති තවත් අර්ධ අවසන් පූර්ව තරගයකදී කොළඹ මහානාම විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7කින් පැරදවීය.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් පිටියේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළේ ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට ලකුණු 6කිනි.

වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරග 3දීම තරග ආරම්භය ප්‍රමාදවීම සිදුවූ අතර, පන්දුවාර අඩු කිරීමෙන් අනතුරුව තරග පැවැත්වීය.

කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අවසන් පූර්ව වටයේදී තරග වදිනු ඇත.

මහනුවර ත්‍රිත්ව: 164 (පන්දුවාර 43) රනුධ සෝමරත්න 87, හිරුමාල් පෙරේරා 3/30, අශාන් ප්‍රනාන්දු 3/40, ක්‍රිෂේන් පෙරේරා 2/33 මොරටුව ශාන්ත සෙබස්තියන්: 159/6 (පන්දුවාර 41.1) සවිඳු රොද්‍රිගෝ 40, චකිල පෙරේරා 36 නොදැවී, යෙෂාන් අවිෂ්ක 23, බිහඟ මෙන්ඩිස් 21, රනුධ සෝමරත්න 2/12 මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට ලකුණු 6ක ජයක්.

ඩී. එස්. සේනානායක - නාලන්දා

කොළඹ නාලන්දා: 137 (පන්දුවාර 38.2) රවීන් ද සිල්වා 38, විනුක නානායක්කාර 22, මනීන්ද්‍ර ජයතිලක 4/38, අමිත දාබරේ 3/14 කොළඹ ඩී.එස්. සේනානායක: 1/136 (පන්දුවාර 38.4) අමිත දාබරේ 55, අභිෂේක් ලියනාරච්චි නොදැවී 54 කොළඹ ඩී.එස්. සේනානායක විදයාලයට ඩක්වර්ත්-ලුවිස් ක්‍රමයට කඩුලු 9ක ජයක්.

කොළඹ මහානාම - කොළඹ රාජකීය

කොළඹ රාජකීය: 135 (පන්දුවාර 46) බිසඳු සඳෙව් 28, කණික දයාරත්න නොදැවී 26, සදීෂ රාජපක්ෂ 24, චමත් චමුපති 14/2, අචින්ත සුපුන් 16/2, දෙවිඳු කැකිරිදෙණිය 25/2 කොළඹ මහානාම: 136/3 (පන්දුවාර 30.2) සචිර වැලිවිට නොදැවී 43, විනුක රූබසිංහ 28, පවන් රත්නායක 23, සඳරුවන් චමෝද්‍ය නොදැවී 17, පුල්ෂාන් රෝහණ 15 කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

[ඉෂානි යද්දෙහි]

මාතෘකා