අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය

 ඡායාරූපය:

අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය

නිපුන් ධනංජයගෙන් තුන් ඉරියව් දස්කම්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 19න් පහළ කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ පළමු වටයේ තරගයකදී කොළඹ සහිරා විද්‍යාලය කඩුලු 8කින් පැරදවීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය සමත්විය. අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මෙම තරගයකදී 15 හැවිරිදී මෙනූෂ පෙරේරා (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්) පන්දුවෙන්ද, නිපුන් ධනංජය (වෙන්නප්පුව ශාන්ත ජෝශප්) තුන් ඉරියව් දස්කම් දැක්වීය. දිනිත් නෙලුම්දෙණිය (පන්නිපිටිය ධර්මපාල) ඉනිම දෙකේදී කඩුලු 11ක් දවාලූ අතර, දිලුම් සුදීර (ගාල්ල රිච්මන්ඩ්) තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකේදී කඩුලු 10ක් දවාලීය.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය - කොළඹ සහිරා විද්‍යාලය

සහිරා: පළමු ඉනිම - 77 (පන්දුවාර 27.3) මෙනූෂ පෙරේරා 6/4, අචින්ත ප්‍රනාන්දු 4/2, කවිඳු මධුරංග 7/2 ශාන්ත ජෝශප් වාස්: පළමු ඉනිම - 157 (පන්දුවාර 56.3) නිපුන් ධනංජය 41, මෙනූෂ පෙරේරා 40, ඉෂාඩ් රොහෙයිම් 13/3, රිස්වාන් රාහීඩ් 16/2 සහිරා: දෙවැනි ඉනිම - 114 (පන්දුවාර 30.4) මොහොමඩ් ෂමාස් 32, නිපුන් ධනංජය 25/4, මෙනූෂ පෙරේරා 41/4, තරුෂ ප්‍රනාන්දු 28/2 ශාන්ත ජෝශප් වාස්: දෙවැනි ඉනිම - 38/2 (පන්දුවාර 6.5) නිපුන් ධනංජය නොදැවී 33, ඉමිතියාස් ස්ලාසා 17/2

කොළඹ තර්ස්ටන් විද්‍යාලය - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

තර්ස්ටන්: පළමු ඉනිම - 105 (පන්දුවාර 38.4) රනේෂ් සිල්වා 32, දිලුම් සුදීර 29/6 රිච්මන්ඩ්: පළමු ඉනිම - 103 (පන්දුවාර 31.4) චමත් දිල්සර 45, පුන්තිල කුමාර 30/5, අවිෂ්ක කෞශල්‍ය 23/2 තර්ස්ටන්: දෙවැනි ඉනිම - 221/7 (පන්දුවාර 60.5) අවිෂ්ක කෞශල්‍ය 77, රනේෂ් සිල්වා නොදැවී 55, දිලුම් සුධීර 93/4 රිච්මන්ඩ්: දෙවැනි ඉනිම - 28/1

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය - මහනුවර ධර්මරාජ විද්‍යාලය

ශාන්ත පීතර: පළමු ඉනිම - 226 (පන්දුවාර 60.2) කණිෂ්ක මධුවන්ත 40, ශෂික සන්තුෂ් 35, වනුජ කුමාර 29, රුවින් සෙනෙවිරත්න 27, සහන් සිරිවර්ධන 63/5, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 77/3 ධර්මරාජ: පළමු ඉනිම - 171/6 (පන්දුවාර 63.4) චේතිය ඒකනායක 38, දුලාජ් බණ්ඩාර 37, දිනුක පතිරාජ 31, ජනිත් ගුණතුංග 23, රුවින් සෙනෙවිරත්න 38/2, කණිෂ්ක මධුවන්ත 74/2

කුරුණෑගල මලියදේව විද්‍යාලය - පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

ධර්මපාල: පළමු ඉනිම - 132 (පන්දුවාර 37.4): නවිඳු නවීන් 39, සකිඳු විජේරත්න 24/2, බ්‍රයන් කරුණානායක 25/2, මතිෂ වීරසිංහ 30/2 මලියදේව: පළමු ඉනිම - 98 (පන්දුවාර 46.3) චාළුක අතපත්තු 23, දිනිත් නෙලුම්දෙණිය 31/6 ධර්මපාල: දෙවැනි ඉනිම - 141 (පන්දුවාර 45.3) නදීෂ බණ්ඩාර 32, නවිඳු නවීන් 28, සකිඳු විජේරත්න 22/4, ගයාන් වීරසිංහ 26/4 මලියදේව: දෙවැනි ඉනිම - 83/8 (පන්දුවාර 28) දිනිත් නෙලුම්දෙණිය 39/5, තිසර ශිහාර 21/2

[ඉෂානි යද්දෙහි]

මාතෘකා

ජනප්‍රිය ලිපි