ආරුගම්බේ සර්ෆින් තරගාවලියේ නිල ගුවන් සේවය ශ්‍රී ලංකන්

 ඡායාරූපය:

ආරුගම්බේ සර්ෆින් තරගාවලියේ නිල ගුවන් සේවය ශ්‍රී ලංකන්

ලෝක සර්ෆ් ලීගය විසින් අරුගම්බේ මුහුදු තීරයේ සංවිධානය කරන ලද අන්තර්ජාතික සර්ෆින් තරගාවලිය, ‘So Sri Lanka Pro 2019’ නිල ගුවන් සේවය වශයෙන් කටයුතු කිරීමට ශ්‍රීලංකන් ගුවන්සේවය ක්‍රියා කළේය.

මෙරට ගිනිකොනදිග වෙරළ තීරයේ සුන්දරත්වයත්, ආකර්ෂණිය වෙරළ පරිසරය මෙන්ම උද්වේගකර රළ පහර සමඟින් පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ මිච් පාකින්සන් සමත්විය. එහි දී ඔහු අවසන් මහා තරගයේ දී ඉන්දුනීසියාවේ ඔනි අන්වර් පරාජයට පත්කරමිනි. මෙම තරගාවලිය සඳහා මෙවර රටවල් 20 ක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගී වූහ.

 

 

මාතෘකා

ජනප්‍රිය ලිපි