සාග් යන නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කැඳවීමක්

 ඡායාරූපය:

සාග් යන නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කැඳවීමක්

 

මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා වන සූදානම පසුවිපරම් කිරීමට ලබන සිකුරාදා (11) සියලු සංචිත නිලධාරීන්, කළමනාකරුවන් සහ ඔලිම්පික් කමිටු නිලධාරීන් හමුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා විසින් ඒ සඳහාවන නියෝගය මේ වනවිට සියලු ක්‍රීඩා සංගම් බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් රැසට පැවසීය. අදාළ සාකච්ඡාව ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිතය. එහිදී තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් පවතින අර්බුද විසඳාගන්නා ආකාරය වැඩි වශයෙන් අවධානයට ලක්කෙරෙනු ඇත. ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති ප්‍රශ්න සඳහා ක්ෂණික විසඳුම් ලබාදෙමින් සහ මෙතෙක් කාලයක් ලබාදී ඇති සම්පත් කළමනාකරණය කෙරී ඇති ආකාරය පිළිබඳ සොයා බැලීමට අපේක්ෂා කරන බව සඳහන්ය.

මේ අතර සාග් ක්‍රීඩා උලෙළ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම සමඟ වෛද්‍යවරුන් දහයකගෙන් සමන්විත කණ්ඩායමක් පිටත්කර යැවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ආයතනයට අනුබද්ධව වෛද්‍යවරුන් හය දෙනෙක් පමණක් සේවය කරන හෙයින් සෙසු වෛද්‍යවරුන් සිව්දෙනා තෝරාගන්නා ක්‍රමවේදය ගැනද අවධානයට පාත්‍රවී ඇත.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි