සැමීට ප්‍රතිදෝලනයේ රජු බවට පත්විය හැකියි

 ඡායාරූපය:

සැමීට ප්‍රතිදෝලනයේ රජු බවට පත්විය හැකියි

- ෂොයිබ් අක්තාර්

 

පන්දුව දෝලනයේදී වේග පන්දුයවන්නන් සිදුකරන ප්‍රතිදෝලන කාර්යයේ විශිෂ්ටයා බවට පත්වීමට ඉන්දියාවේ මොහොමඩ් සැමීට හැකියාව ඇතිබව පකිස්තාන හිටපු වේග පන්දුයවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් පවසයි. දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දවාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජයවීම පිළබිඳ තමන් හදවතින්ම පසුතැවෙන බව සැමි මීටපෙර වීඩියෝ තාක්ෂණය ඔස්සේ දුරකථන ඇමැතුමකින් සම්බන්ධවෙමින් තමන් හා පැවසූ බව අක්තාර් පවසයි. ‘මම ඔහුට ඒ ගැන දුක්වෙන්න එපා, ශක්තිමත්ව ඉන්න තමන්ගෙ යෝග්‍යතාවය පවත්වාගන්න කියලා කිව්වා. තමන්ගෙ රටේ තියෙන තරගාවලි ඉදිරියට එනවා. ඒවායේදී ඔබට හොඳින් ක්‍රීඩා කරන්න එසේ සිටීම හේතුවක් වෙයි කියලා මම පෙන්වා දුන්නා. ඇත්තටම ඔහුට පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම තැනකට බලපෑම්කළ හැකි පන්දුයවන්නෙක්. වේගය, දෝලනය දෙකම ඔහු සතුව තිබෙනවා. ඒ වගේමයි ප්‍රතිදෝලනය කිරීමටත් ඔහුට හැකියි. එවැනි ප්‍රතිදෝලනයක් ගත හැකි උපමහාද්වීපයේ සිටින වේග පන්දුයවන්නන් කීපදෙනා අතරට ඔහු ඇතුළත්. මම ඔහුට කීවේ ඔහුගේ මෙම ප්‍රතිදෝලිත හැකියාව නිසා ඔහුට එහි රජු බවට පත්වන්නට හැකිය කියා. ඔහු මෙවැනි තණතීරුවක විශිෂ්ට පන්දුයැවීමක නිරතවීම ගැන ඇත්තෙන්ම මට සතුටුයි.’ෂොයිබ් අක්තාර් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මාතෘකා

ජනප්‍රිය ලිපි