පිටියේ වැටී විනිසුරු මරු දකී

 ඡායාරූපය:

පිටියේ වැටී විනිසුරු මරු දකී

පකිස්තාන ක්‍රිකට් පිටියේ ජනප්‍රිය දේශීය විනිසුරුවරයෙක් වූ නසීම් ෂෙයික් විනිසුරු ක්‍රිකට් තරගයක් අතරතුර විනිශ්ච කටයුතු සිදුකරමින් සිටියදී ඇදවැටී මියගොස් තිබේ. හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් එරට කරච්චි නුවර පිහිටි ටීඑම්.සී. ක්‍රීඩාංගණයේ සිට ඔහු හදිසියේ රෝහල්ගත කිරීමේදී මියගොස් තිබිණි.

‘තරගය අතරතුර ඔහු පිටියේ ඇදවැටුණා. අපි වහාම ඔහුව ගිලන්රථයක දමා ළඟම තිබෙන රෝහලට ඇතුළත් කරන්න කටයුතු කළා. එහෙත් ඔහු එසේ ගෙනයන අතරමඟදී මියගියා.’ යැයි තරග සංවිධායන් ප්‍රකාශ කර තිබිණි. පනස් හය වියැති මෙම විනිසුරුවරයා වෘත්තියෙන් මස් වෙළෙන්දකු වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය හේතුවෙන් පසුව ක්‍රිකට් විනිසුරුවරයෙක් බවට පත්ව තිබුණේය.

මාතෘකා

ජනප්‍රිය ලිපි