යොවුන් ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන්ට වෝන්ගෙන් උපදෙස්

 ඡායාරූපය:

යොවුන් ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන්ට වෝන්ගෙන් උපදෙස්

ඔස්ට්‍රේලියාවේ විස්සයි 20 තරග තුනක් සඳහා සභභාගිවීමට එරට සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් දඟ පන්දුයවන්නන්ට ලොව විශිෂ්ටතම පාදඟ පන්දුයවන්නා ලෙසින් සැලකෙන ෂේන් වෝන් උපදෙස් ලබාදී තිබේ. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුයැවීමේ කුසලතා වර්ධනය කරගැනීම පිණිස මෙලෙස ඔහු පුහුණු උපදෙස් ලබාදී තිබිණි.

පන්දු යැවීමේදී සැලකිල්ලට බඳුන් කළ යුතු සුවිශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් ෂේන් වෝන් විසින් ලක්ෂාන් සඳකැන්ගේ අවධානයට ලක්කර ඇත. පන්දුව දඟ කැවීමේදී ඇතිවන සීමාවීම ජයගන්නේ කෙසේද, පිතිකරුවන්ට අවස්ථාවක් ලබානොදී පන්දුයැවිය යුත්තේ කෙලෙසින්ද ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී ෂේන් වෝන් අවධානයට ලක්කර තිබිණි.

News Order: 
2
මාතෘකා