අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලිය

 ඡායාරූපය:

අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලිය

සාන්ත තෝමස් කිංග්ස්වුඩ් පරදවයි

ලකුණු 22-17ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අන්තර් පාසල් රග්බි තරගාවලියේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් විය.

සඳුදා (18) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-08ක් ලෙස ඉදිරියෙන් සිටියේ කිංග්ස්වුඩ් විද්‍යාලයයි. 7 වැනි මිනිත්තුවේදීම දක්ෂිණ අතුකෝරළ විසින් පළමු උත්සාහ දිනුම කිංග්ස්වුඩ් කණ්ඩායම වෙන්වෙන් වාර්තා කළ අතර දෙවැනි උත්සාහක දිනුම ආසිරි සෙනෙවිරත්නගේ උත්සාහයකි. එය හිරෝෂ සම්පත් ප්‍රවර්ථනය කළ බැවින් කිංග්ස්වුඩ් 12-00ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ඔවින් හෙට්ටිආරච්චි දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර පළමු අර්ධය අවසන් වීමට ආසන්නයේම තෝමස් කණ්ඩායමේ රෙහාන් ඕලුගල ලබාගත් උත්සාහක දිනුම නිසා ලකුණු 12-08ක් ලෙස කිංග්ස්වුඩ් ඉදිරියෙන් පසු විය.

දෙවැනි අර්ධය ආරම්භයේදීම ලෂේන්ද්‍ර සෙනෙවිරත්න ලබාගත් උත්සාහක දිනුම සාර්ථකව ප්‍රවර්ථනය කළ බැවින් 15-12ක් ලෙස සාන්ත තෝමසුවන් ඉදිරියට පැමිණියේය. කිංග්ස්වුඩ් කණ්ඩායමේ ඉෂාන් ප්‍රීනා උත්සාහක දිනුමක් ලබා ගත්තේ නැවතත් කිංග්ස්වුඩ් කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරවමිනි. ඒ අනුව 17-15ක් ලෙස කිංග්ස්වුඩ් පෙරමුණේ විය. එහෙත් කිංග්ස්වුඩ් පිලේ ඒ සියලුම බලාපොරොත්තු සුන් කරමින් තෝමසුවන් වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සෙනුක් පෙරේරාට හැකිවිණි. එහි ප්‍රවර්ථනය ඔවින් හෙට්ටිආරච්චි සාර්ථක කරගැනීමත් සමඟම ලකුණු 22-17ක් ලෙස සාන්ත තෝමස් කණ්ඩායම ඉදිරියට පැමිණීමට සමත් විණි. තරගයේ අවසන් මිනිත්තු විස්සක පමණ කාලයක් දෙපිලම තවත් ලකුණු රැස් කිරීමට කොතෙක් උත්සාහ කළද එය සාර්ථක නොවීය.

[ඩබ්ලිව්. ආර්. කුමාර] ඡායා [දුෂ්මන්ත

 

මාතෘකා