ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල අවසන් පූර්ව වටයට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල අවසන් පූර්ව වටයට

නේපාලයේ පැවැත්වෙන සාෆ් කාන්තා පාපාන්දු තරගාවලියේදී ඉන්දියාව හමුවේ පෙරේදා (17) ගෝල 5-0ක පරාජයක් ලැබුවද හෙට (20) පැවැත්වෙන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.

ඒ පසුගිය සිකුරාදා (15) මාලදිවයින් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ගෝල 2-0ක ජයක් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් හතර අතට ඇතුළත්වූ හෙයිනි. චලනි කුමාරි ඒකනායක ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලදිවයින සමඟ තරගයේ වාර්තා වූ ගෝල දෙකම වාර්තා කළාය.

නේපාලයේ සහීඩ් මයිදාන් රංගශාලා ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ සියලුම තරග පැවැත්වෙන අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම සතියේ 22 වැනි සිකුරාදායි.

මාතෘකා