සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය අයර්ලන්තය ප්‍රංශය පරදවයි

 ඡායාරූපය:

සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය අයර්ලන්තය ප්‍රංශය පරදවයි

ලකුණු 26-14ක් ලෙස ප්‍රංශය පරාජය කළ අයර්ලන්තය මේ දිනවල යුරෝපයේ පැවැත්වෙන සික්ස් නේෂන්ස් රග්බි තරගාවලියේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වීමට සමත් විය. තරගය පැවැතියේ අයර්ලන්තයේ ඩබ්ලින්හි අවිවා ක්‍රීඩාංගණයේදීය. පරාජය වූ ප්‍රංශයට දැනට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

ඒ සමගම එංගලන්තය විසින් ලකුණු 57-14ක් ලෙස ලන්ඩනයේදී ඉතාලිය පරාජය කළ අතර ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හිදී ලකුණු 18-11ක් ලෙස ස්කොට්ලන්තය පරාජය කිරීමට වේල්සය සමත් විය.

සහභාගී වූ තරග හතරම ජය ගනිමින් වේල්සය පෙරමුණ ගෙන සිටින අතර සහභාගී වූ තරග 4න් 3ක් ජයගනිමින් එංගලන්තය දෙවැනි ස්ථානයට පත්ව සිටී.

තරගාවලියේ අවසන් සති අන්තයේ තරග මාර්තු 16 වැනිදා පැවැත්වේ.

එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, ප්‍රංශය සහ ඉතාලියේ සහභාගිත්වයෙන් සික්ස් නේෂන් රග්බි තරගාවලිය මෙ දිනවල යුරෝපයේදී පැවැත්වේ.

මාතෘකා