දෝනි ඉන්දීය පිලේ අර්ධ නායකයායි බිෂන් සිං බෙඩී

 ඡායාරූපය:

දෝනි ඉන්දීය පිලේ අර්ධ නායකයායි බිෂන් සිං බෙඩී

ඉන්දීය සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ අර්ධ නායකයා වශයෙන් මහේන්ද්‍ර සිං දෝනි සැලකිය හැකි බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන බිෂන් සිං බෙඩී පවසයි. ඔහු ඒ ආකාරයෙන් අර්ධ නායකයකු ලෙස කටයුතු කිරීමෙන් කණ්ඩායම තුළ සමතුලිත භාවයක් නිර්මාණය කරන බව බෙඩීගේ අදහසවී තිබේ.

දෝණි කණ්ඩායම තුළ නොමැති විට නිත්‍ය නායක විරාට් කෝලිගේ ස්වරූපය රළු ස්වභාවයක් ගන්නා බව බෙඩී ගේ මතයයි. ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතර තුර තරග දෙකකට ක්‍රීඩා නොකර විවේක ගන්නා ලෙස මහේන්ද්‍ර සිං දෝනිට එරට තේරීම් කමිටුව නියෝග කළේය.

‘දෝනි දිනපතා තරුණ වෙන්නෙ නැහැ. ඔහු දවසින් දවස වියපත් වෙනවා. හැමදාම කණ්ඩායමේ ක්‍රීඩා කරන්න හැකිවන්නෙ නැහැ. නමුත් ඔහු නැති සෑම අවස්ථාවකදීම කෝලි අසීරුතාවයන්ට ලක්වෙනවා. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි’ 72 හැවිරිදි බෙඩී තවදුරටත් සඳහන් කර තිබේ.

මාතෘකා