මම තවමත් පිළිගන්නේ වීථි ක්‍රිකට් ක්‍රීඩාවයි බ්‍රයන් ලාරා

 ඡායාරූපය:

මම තවමත් පිළිගන්නේ වීථි ක්‍රිකට් ක්‍රීඩාවයි බ්‍රයන් ලාරා

‘මගේ අයියා මුලින්ම පොල් පිත්තකින් තමයි පිත්තක හැඩය හදාගත්තෙ. මට එතකොට වයස යන්තම් අවුරුදු 4ක් වුණා විතරයි. එහෙම තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තෙ. මම පිළිගන්නෙ වීථි ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රබල කියලයි. අපි අතට අහුවුණු ඕනෑම දෙයකින් ක්‍රිකට් ක්‍රීඩා කළා. තද දොඩම් ගෙඩියකින්, දෙහි ගෙඩියක් හෝ වෙනයම් ගල් කැබැල්ලකින් අපි ක්‍රිකට් ගැහුවා. ගේ පිටිපස්සෙ, වීථියේ අපි ක්‍රිකට් පුහුණු වුණා. වහින කාලෙ ආවහම අපි පාපන්දු ක්‍රීඩාව කළා. මේස පන්දු ක්‍රීඩාවේත් නියැලුණා. ඒත් ඒ සියල්ල අතරින් මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩි දස්කම් දක්වනවා කියලා මට හිතුණා. ඒකට හේතුව මගේ පියායි. ඔහු මට කිව්වෙ අඩුවෙන් පාපන්දු ක්‍රීඩා කරලා ක්‍රිකට් වැඩිපුර ගහන්න කියලා.

මගේ තාත්තා ක්‍රිකට්වලට දැඩිව ආදරය කළ කෙනෙක්. ඔහු ගමේ ලීග් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළා. ඔහු තමන්ට කරන්න පුළුවන් සෑම කැපවීමක්ම කරලා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩකයකු කළේ

ටෙස්ට් ලකුණු 11,953ක් ලැබූ එහි සාමාන්‍ය 52.88ක් වශයෙන් පවත්වාගෙන ඇති බ්‍රයන් ලාරා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබිණි. එක්දින තරග ඉතිහාසයේ ලකුණු 10,405ක් රැස්කර ඇති ඔහු එහි සාමාන්‍ය වශයෙන් 40.48ක් පවත්වාගෙන ඇත.

ඩුබායි නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළමු වරට විලෝ පිත්තක් ලැබීම පින්සලයක් ලැබුණා හා සමාන යැයි ඔහු පවසා ඇත. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ ගෞරවය සම්පූර්ණයෙන්ම පියාට හිමිවිය යුතුබව ඔහු පවසයි.

මාතෘකා