ටර්නර්ගෙන් ඉන්දියාවට බැට

 ඡායාරූපය:

ටර්නර්ගෙන් ඉන්දියාවට බැට

තම දෙවැනි එක්දින ජාත්‍යාන්තර තරගය සඳහා ක්‍රීඩා කළ ඈෂ්ටන් ටර්නර් සිය ප්‍රචණ්ඩ පිතිහරඹයෙන් මොහාලි හි ඉන්දියාවට එරෙහිව පැවැති සිව්වෙනි එක්දින තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ඔස්ට්‍රේලියාවට ලබා දීමට සමත් විය. ඒ සමගම තරගාවලිය 2-2ක් ලෙස සම කිරීමටද ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදාවිය.

ලකුණු 359ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු ඉනිමේ අංක හය පිතිකරු ලෙස පිටියට පැමිණි ටර්නර් පන්දු 43කින් නොදැවී ලකුණු 84ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් සමගිනි.

ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් පීටර් හෑන්ස්කොම්බ් ශතකයක් වාර්ථා කළ අතර ෂිකර් ධවාන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 143 රැස් කළේය.

 

ඉන්දියාව (පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී) 358

(ෂිකර් ධවාන් 143, රෝහිත් ෂර්මා 95, රිෂාබ් පෑන්ට් 36, පැට් කමින්ස් 5/70, ජේ රිචඩ්සන් 3/85)

ඔස්ට්‍රේලියාව පන්දුවාර 47.5කදී කඩුලු 6ක් දැවී) 359

(පීටර් හෑන්ඩ්ස්කොම්බ් 117, උස්මාන් කවාජා 91, ඈෂ්ටන් ටර්නර් නොදැවී 84, ජස්ප්‍රිට් බුම්රාහ් 3/63)

මාතෘකා