සංචාරක පන්දු යවන්නන්ගෙන් සත්කාරක ෙව්ගයට තිරිංගයක්

 ඡායාරූපය:

සංචාරක පන්දු යවන්නන්ගෙන් සත්කාරක ෙව්ගයට තිරිංගයක්

ඩිකොක්ට ශතකය මඟහැරෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක දකුණු අප්‍රිකා පිල පන්දුවාර 45.1ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 251ක් ලබා ගත්හ. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස දකුණු අප්‍රිකානුවන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් ආරමභක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳින් බැට දෙමින් පන්දු 70ක් තුළ වේගවත් ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.

තම පස්වැනි එක්දින ශතකයට ලකුණු 6ක් අඩුවෙන් තිබියදී තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දීමෙන් ඔහු දැවී ගියේය. ඒ වන විටත් ඩි කොක් සය ඉනිම සඳහා හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් අඩංගුකර තිබුණි. ඩි කොක් අද රීසා හෙන්ඩ්රික්ස් සමග දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ අතර කිසිදු අපහසුවකින් තොරව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මුහුණ දෙනු පෙනිණි. ඒ අනුව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක් එක් කිරීමට සමත් විය. ඒ පන්දුවාර 14.3ක දීය. හෙන්ඩ්රික්ස් ලකුණු 29ක් රැස්කර ගෙන සිටියදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ගේ පන්දුවකට අකිල ධනංජය අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.

අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි දකුණු අප්‍රිකානු නායන ෆැෆ් ඩු ප්ලෙසිස්ද ඩි කොක්ට අගනා සහායක් ලබා දුන් අතර දකුණු අප්‍රිකානු කඩුලු රකින ආරම්භක පිතිකරුවා දැවී යන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ 131ක් ලෙසිනි. ඒ වන විටද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ දල වේගයේ කිසිදු අඩුවක් වී තිබුණේ නැත. තෙනැනි කඩුල්ල ලෙස වැන් ඩර් ඩුසෙන් දැවී ගියේ මුල ලකුණු සංඛ්‍යාව 137න් වන විටය. ඩුසෙන් දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දුවකට කසුන් රාජිත අතට උඩපන්දුවක් ලබා දීමෙනි. ඒ වන විට ඔහු ලබා ගෙන සිටියේ ලකුණු දෙකකි.

සිව්වෙනි කඩුල්ල ලෙස වේනු මුල්ඩර් දැවී ගියේ පන්දු 11කින් වේගවත් ලකුණු 17ක් වාර්කා කරමිනි. ඔහු දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

33 වැනි පන්දුවාරයේදී ලකුණු 200 සීමාවට පැමිණීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ඊයේ තරගය සඳහා පළමු තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කැඳවුම් ලබාතිබූ අතර ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත්කර වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා තිබුණි.

මාතෘකා

ජනප්‍රිය ලිපි