නවසීලන්ත - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

 ඡායාරූපය:

නවසීලන්ත - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

නවසීලන්තයට ඉනිමක ජයක්

හැමිල්ටන්හි සෙඩ්න්පාක් ක්‍රීඩාංගණයේ සංචාරක බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 52ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

නවසීලන්ත නායක කෙන් විලියම්සන් නොදැවී ද්විත්ව ශතකයක් ලබමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමටද සමත් විය. පන්දු 252කදී වාර්තාවූ විලියම්සන්ගේ ලකුණු 200ට හතරේ පහර 19ක් අන්තර්ගත විය. නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් තවත් ශතක 2ක් වාර්තා කළ ආරම්භක පිතිකරුවන් වූ ජීට් රාවල් (132) සහ ටොම් ලේතම් (161) පළමු කඩුල්ල සඳහා ලකුණු 254ක සබඳතාවක් පිහිටුවීමටද සමත් වූහ.

දෙවැනි ඉනිමේ බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍යා සර්කාර් (149) සහ මහමුදුල්ලා රියාද් (146) ශතක ලබා ගනිමින් සිය කණ්ඩායම ඉනිමක පරාජයකින් බේරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත විය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශය පළමු ඉනිම (සියලු දෙනා දැවී) 234

නවසීලන්තය පළමු ඉනිම (කඩුලු 5ක් දැවී) 715

(කෙන් විලියම්සන් නොදැවී 200, ටොම් ලේතම් 161, ජීට් රාවල් 132, සෞම්‍යා සර්කාර් 2/68, මෙහෙදි හසන් 2/246)

බංග්ලාදේශය දෙවැනි ඉනිම (සියලු දෙනා දැවී) 429

(සෞම්‍යා සර්කාර් 149, මහමුදුල්ලා රියාද් 146, තමීම් ඉක්බාල් 74, ට්‍රෙන්ට් බෝල්ට් 5/123, ටිම් සවුති 3/98)

මාතෘකා