මාංලිගගෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට උපදෙස්

 ඡායාරූපය:

මාංලිගගෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට උපදෙස්

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන්ට විවිධ උපදෙස් ලබාදෙමින් කණ්ඩායමේ විශ්වසනීයත්වය ස්ථාවර කිරීමට උත්සහ ගන්නා බව එංගලන්ත ආරංචි මාර්ග සඳහන් කරයි. එංගලන්තයේ සිටින කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වෙබ් මාධ්‍ය කීපයක් මේ බව නිවේදනය කර තිබිණි. ‘ඔහු කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයා. ඉතින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් සැමවිටම ධෛර්යමත් කරනවා. ඉදිරි තරග ජයගන්නනම් කළ යුත්තේ කුමක්ද? ඒ තරගවලදී ක්‍රීඩා කළ යුත්තේ කෙසේද කියලා ඔහු කියා දෙනවා. විශේෂයෙන් ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් වාගේ ක්‍රීඩකයන්ට මානසික ශක්තිය වර්ධනය කරගන්න ඔහු මේ ආකාරයෙන් උපකාර කරනවා. මාලිංගටත්, සෙසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් නිසා කණ්ඩායම තුළ නව උද්දාමයක් නිර්මාණයවී තිබෙනවා’ යැයි එම ප්‍රකාශකයා පවසා ඇත. අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා කෙසේ හෝ හොඳින් තරග කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවවී ඇත.

‘කණ්ඩායම ගැන තියෙන වැරදි පින්තූරය වෙනස් කරන්න. ඉලක්කයක් සහිතව ක්‍රීඩා කරන්න දායක වෙන්න’ ලසිත් මාලිංග සියලු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක්ද තිබේ.

-----------

නැන්දනියගේ අවමඟුල වෙනුවෙන් මාලිංග මව්බිමට

සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ සිට හදිසියේ ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතව තිබේ. සිය නැන්දණියගේ අභාවයට සහභාගිවීම පිණිස ඔහු මෙලෙස හදිසියේ සිය රට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ‘ඔහු බංග්ලාදේශය හා තරගයට ක්‍රීඩා කරනවා. තරගය ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඊට පසු අවමංගල්‍යයට සහභාගිවෙලා යළි එංගලන්තයට යන්න නියමිතයි. ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයට ලසිත් මාලිංග ක්‍රීඩා කරනවා’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු රැසට පැවසීය.

ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව ජූනි 15 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා තරගයට සහභාගිවීම පිණිස ලසිත් මාලිංග යළි

ශ්‍රී ලංකා සංචිතය හා එක්වනු ඇත.

අභාවප්‍රාප්ත කාන්ති පෙරේරා මහත්මිය ලසිත් මාලිංගගේ බිරියගේ මව වන අතර ඇගේ දේහය මහජන ගෞරවය පිණිස බොරැල්ල බානි රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත්තේ 13 වැනිදා එනම් හෙට බොරැල්ල කනත්තේදීය.

මාතෘකා