මැරඩෝනාට දැන් සුවයි අභ්‍යන්තර රුධිර ගලනය නවතියි

 ඡායාරූපය:

මැරඩෝනාට දැන් සුවයි අභ්‍යන්තර රුධිර ගලනය නවතියි

උදරය ආශ්‍රිත රුධිර ගලනයක් හේතුවෙන් රෝහල්ගතව සිටි සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන දියාගෝ මැරඩෝනා යළි සුවය ලබා රෝහලෙන් නික්ම ගිය බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි. පනස් අට හැවිරිදි වියේ පසුවන ඔහු පසුගිය කාලයේ විවිධ රෝගාබාධ හේතුවෙන් නිරන්තරයන් ප්‍රතිකාර ලැබූ අතර පසුව ඔහුගේ රෝගය හඳුනාගැනීමට හැකියාව ලැබී තිබිණි. කෙසේ නමුත් මෙම රෝගී තත්ත්වය එතරම් දරුණු නොවන බවද ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.

‘හැමදෙනෙක්ම දුක්වෙන්න ඇති. ඒත් මම ඒ හැමෝටම සතුටුදායක ආරංචියක් කියන්න කැමතියි. දැන් ඔහුට හොඳයි’ ඔහුගේ දියණිය ප්‍රකාශ කර තිබේ. 1986 වසරේ පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කළ ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේ දියාගෝ මැරඩෝනාය. පසුගිය වසරේ රුසියාවේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරග සමයේ ආර්ජන්ටිනාව සහ නයිජීරියාව අතර තරගය පැවැත්වෙන විට ඔහු රෝගාබාධිතව ඇතැයි වාර්තාවුණේය.

මාතෘකා

ජනප්‍රිය ලිපි