අන්තර් සමාජ රග්බි තරගාවලිය

 ඡායාරූපය:

අන්තර් සමාජ රග්බි තරගාවලිය

සුපිරි වට‍ෙය් තරග හෙට ඇරඹේ

මෙවර ලීග් ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන හැව්ලොක් සහ සිව්වෙනි ස්ථානයේ සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. අතර තරගයෙන් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ තරග හෙට (23) සිට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ පළමු වතාවට ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන සුපිරි වටයේ පළමු තරගය වන හැව්ලොක් සහ සී.ආර්. තරගය පැවැත්වෙන්නේ හැව්ලොක් ක්‍රීඩාංගණයේදීය. ඒ සමග හෙට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 5 වැනි ස්ථානයේ සිටින පොලිස් කණ්ඩායම සහ 8 වැනි ස්ථානයේ සිටින ගුවන් හමුදා කණ්ඩායම තරගවදී.

ලීග් ලකුණු සටහනේ පළමු දෙවැනි සහ තෙවැනි ස්ථාන අතර ඇත්තේ සියුම් ලකුණු පරතරයක් බැවින් සුපිරි වටයේ තරගවලදී මෙම ස්ථාන වෙනස් වීමේ හැකියාවද පවතී. ඒ නිසාම හෙට සිට ඇරඹෙන තරග මෙවර ලීග් තරගාවලිය තියුණු අවසානයක් දක්වා රැගෙන යනු ඇතැයි විශ්වාස කළ හැකිය. හැව්ලොක් කණ්ඩායම ලකුණු 72ක් ලබා පළමු ස්ථානයේ සිටින අතර ලකුණු 69ක් ලබාගනිමින් මහනුවර කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවේ. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 63ක් ලබා ගනිමින්ය.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා