එක්දින පිලේ නායකත්වය මාලිංගට

 ඡායාරූපය:

එක්දින පිලේ නායකත්වය මාලිංගට

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින කණ්ඩායමේ නායකත්වය යළිත් ලසිත් මාලිංගට හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම්කළ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති කණ්ඩායමට උපුල් තරංගද නම්කර තිබේ. මෙම කණ්ඩායමට තිසර පෙරේරාද ඇතුළත්වන අතර ආබාධයකට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට කැඳවා නොමැත.

නම් කළ කණ්ඩායම මෙසේයි.

ලසිත් මාලිංග(නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්(උපනායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඔසඳ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියාමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්.

මාතෘකා