තවමත් ලෝකෙට ලොක්කා මමයි - ක්‍රිස් ගේල්

 ඡායාරූපය:

තවමත් ලෝකෙට ලොක්කා මමයි - ක්‍රිස් ගේල්

තවමත් තමන් ලෝකයට ලොක්කා බවත් එය වෙනස් නොවනු ඇති බවත් ක්‍රිස් ගේල් පවසයි. එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු මේ බව පවසා තිෙබ්. තිස් නව වියැති ක්‍රිස් ගේල් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව එක්දින ක්‍රීඩාවට සමුදීමට සූදානම් බව සඳහන්ය.

ජාත්‍යන්තර තරග 400කට පමණ ක්‍රීඩා කර ඇති ගේල් මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් රැස්කර ඇති ශතක සංඛ්‍යාව 40කට අධිකය.

‘මම තමයි ලෝකයේ ඉන්න විශිෂ්ටම ක්‍රීඩකයා. තවමත් ලෝකයේ ලොක්කා මමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මම ඒක මිය යනතුරුම රැගෙන යනවා. ලෝක කුසලානයෙන් අනතුරුව මම ඒ ලක්ෂය අඳිනවා’ ඔහු පවසා ඇත.

‘දැන් යොවුන් ක්‍රීඩකයෝ මේ තැන ගතයුතුයි. ඔවුන් මෙහි සතුට භුක්ති විඳිය යුතුයි. මගේ ශාරීරික යෝග්‍යතාවත් හොඳයි. මගේ බරත් මම ටිකක් අඩුකරගෙන ඉන්නෙ’ ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මාතෘකා

ජනප්‍රිය ලිපි