එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය

 ඡායාරූපය:

 එංගලන්ත - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගය

රූට් සහ බර්න්ස් එංගලන්ත ඉනිමට ජීවය දෙති

නායක ජෝ රූට් සහ ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ගේ ශතක දෙක හේතුවෙන් නවසීලන්තය සමග හැමිල්ටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමට සංචාර එංගලන්ත කණ්ඩායමට හැකි විය.

ඊයේ (01) තරගයේ තෙවැනි දිනය අවසන් කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 269ක් රැස් කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. පළමු කඩුලු දෙක ලකුණු 24කට බිඳ වැටීමෙන් පසුව බර්න්ස්ට එක්වූ රූට් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 177ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. බර්න්ස් පන්දු 209කින් හතරේ පහර 15ක් සහිතව ලකුණු 101ක් රැස් කළ අතර එය ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකයයි. තෙවැනි දිනය අවසන් වන විටත් නොදැවී පිතිහරඹයේ යෙදෙන එංගලන්ත නායකයා ලකුණු 114ක් ලබා ගත්තේ පන්දු 278කට මුහුණ දීමෙනි. තම ටෙස්ට් දිවියේ 17 වැනි ටෙස්ට් ශතකය සඳහා රූට් හතරේ පහරවල් 14ක් එල්ල කර තිබිණි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 375ක් රැස් කළේය. ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 105ක් රැස් කරමින් සිය ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව තවත් නවසීලන්ත පිතිකරුවන් තිදෙනෙක් අර්ධ ශතක වාර්ථා කළහ.

ලකුණු සාරාංශය

නවසීලන්තය පළමු ඉනිම (සියලු දෙනාා දැවී) 375

(ටොම් ලේතම් 105, ඩැරිල් මිචෙල් 73, බී.ජේ. වොට්ලිං 55, රොස් ටේලර් 53, ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/73, ක්‍රිස් වෝක්ස් 3/83, සෑම් කරන් 2/63)

එංගලන්තය පළමු ඉනිම (කඩුලු 5ක් දැවී) 269

(ජෝ රූට් (නොදැවී) 114, රෝරි බර්න්ස් 101, බෙන් ස්ටොක්ස් 26, ටිම් සවුති 2/63)

News Order: 
6
මාතෘකා