වෙරළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

 ඡායාරූපය:

වෙරළ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය

රුසියාව සහ පෘතුගාලය අවසන් සටනට

පැරගුවේ හි පැවැත්වෙන 20 වැනි ලෝක කුසලාන වෙරළ පාපන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසකම් ලබා ගැනීමට ඉතාලිය සහ පෘතුගාලය සමත්ව සිටී. අවසන් පූර්ව තරග වලදී ඉතාලිය විසින් ඉතා තියුණු තරගයකින් පසුව ගෝල 08-07ක් ලෙස පරාජය කළ අතර පෘතුගාලය විසින් දඬුවම් පහරවල්වලින් ජපානය 2-1ක් ලෙස පරාජය කළේය. එම තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල 3 බැගින් රැස්කර තිබිණි.

මෙවර තරගාවලියේ විශේෂත්වය වුයේ තරගාවලියේ ඉදිරියෙන්ම සිටි සහ 14 වතාවක් ලෝක වෙරළ පාපන්දු ශූරයන් වන බ්‍රසීලය අර්ධ අවසන් වටයේ තරගයකින් රුසියාව හමුවේ ගෝල 3-1ක් ලෙස පරාජය වීමයි.

ඒ අනුව ඊයේ (01) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගයේදී ලෝක වෙරළ පාපන්දු කුසලානය සඳහා ඉතාලිය සහ පෘතුගාලය තරග වැදීමට නියමිතව තිබිණි. මෙම දෙරටම මෙයට රෙ අවස්ථා දෙක බැගින් වෙරළ පාපන්දු ලෝක ශූරතාව ජය ගැනීමට සමත් වූ කණ්ඩායම් දෙකකි.

News Order: 
8
මාතෘකා