ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 08දා පාකිස්තානයට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල 08දා පාකිස්තානයට

චන්දිමාල්ට කණ්ඩායමේ දොර ඇරේ

තරග දෙකකින් සමන් විත ටෙස්ට් තරගාවලියක් සඳහා ලබන 08 වැනිදා පාකිස්තානය බලා පිටත්වන යන 16 දෙනකුගෙන් සමන් විත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අනුමැතිය ලබා දී ඇත.

කලකට පසුව කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටීම විශේෂයකි. මෙම සංචාරයේ නායකත්වයද දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර කණ්ඩායම සඳහා උපනායකයකු නම්කර නොමැත.

පාකිස්තාන සංචාරය සඳහා එක් වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්

News Order: 
2
මාතෘකා